FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයේ වෙබ් අඩවි 58ක් පැය 12 කදී වසා දමයි…

 

එළැඹෙන දෙසැම්බර් 30 වනදා බංග්ලාදේශයේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් එරට ආරක්ෂක හේතූන් මත ප්‍රවෘත්ති වෙබ් අඩවි 58ක් පැය 12ක කාලයක් සඳහා වසා දැමීමට බංග්ලාදේශ විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

අදාළ වෙබ් අඩවි රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නොමැති බැවින් ඒවායේ අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.