FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක් !

 

රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11) දිනයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

මෙම තත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සෙකු බව සඳහන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නියමිත බවද කියැවේ.

අදාළ පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි අදාළ පෙත්සම මගින් ඉල්ලා සිටිනු ඇති බවද පැවසේ.