ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අකිල ධනංජයට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කර තිබේ.
පසුගියදා සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට තරග තීරකවරුන් විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කළ අතර ඒ අනුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබදව පරීක්ෂණයක් සිදුකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට අකිල ධනංජය සහභාගි වූ අතර, එම පරීක්ෂණයට අනුව අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට සනාථ වී තිබේ.
මෙම තත්වය මත ඔහු සිය පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි කරගෙන යළි පරික්ෂණයක් සඳහා පෙනි සිටිමට කටයුතු කළ යුතුය.







