හෙට (08) දිනයේ ප්‍රංශයේ අයිෆල් කුළුන වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුන වසා දැමෙනු ඇත.
එරට රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය අහෝසි කිරීමට බල කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වේ.
89000 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් හා සන්නද්ධ රථ පැරිස් අගනුවර ආරක්ෂාවට යොදවා ඇතැයි එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.









