අඩුම තරඟ ප්‍රමාණයකින් ටෙස්ට් කඩුළු 200 ක් දවා ගනිමීන් වසර 82 ක් පැරණි ටෙස්ට් වාර්තාවක් බිඳ දැමීමය පාකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක යාෂීර් ෂා මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක සී.වී ග්රිමීට් වසර 1936 දී දකුණූ අප්‍රිකා කණ්ඩායමට එරෙහිව තරග 36 කදී කඩුළු 200 ක් දවා ගනමීන් තබා තිබු මෙම වාර්තාව තරග 33 ක් තුළ කඩුළු 200 ක් දවා ගනිමීන් තමන් සතු කර ගැනිමට ෂා සමත් විය.
නවසීලන්ත කණ්ඩායම සමග අබුඩාබිහිදි මෙ වන විට පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රික්ට් තරගයේදි ලකුණූ 04 ක් ලබා සිටි විලියම් සර්මොවලිගේ කඩුල්ල දවා ගැනිමත් සමග ෂා සිය කඩුළු 200 කඩඉම සළකුණූ කරනු ලැබිය.








