සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයට ලක්වූ කුසල් ජනිත් එළැඹෙන නවසීලන්ත ටෙස්ට් තරගාවලියට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්විය.
එහිදි ඔහු පැවැසුවේ ශාරීරික යෝග්‍යතාව යහපත් වුවහොත් පමණක් කුසල් ජනිත් නවසීලන්තය සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලියට යොදාගන්නා බවය.
“කුසල් දැනට සාමාන්‍ය විදියට පුහුණුවීම් කරනවා. ඒත් ඔහු එකවරම අපට තරගයකට යොදාගන්න අපහසු නිසා දෙසැම්බර් 14 න් පස්සේ පැවැත්වෙන කුමන හෝ තරගයකට ඔහු යොදාගෙන ඉන් එහාට ගත හැකි ක්‍රමවේදය ගැන විමසා බලනවා. කොහොම වුණත් කුසල් දැන් සම්පූර්ණ සුව අතට හැරී ඇති බව දැනගන්න ලාබුණා. ඒත් මම කලින් කිව්ව වගේ ඔහු තරගයකට යොදාගෙන ඉන්පසු ශාරීරික යෝග්‍යතා නිරීක්‍ෂණයකින් අනතුරුවයි කණ්ඩායමට තෝරාගන්නවාද? නැද්ද තීරණය කරන්නේ”









