FAST NEWS

24×7 Around the Globe

නිෂා බිස්වාල් ලංකාවට එන්නේ ඔබාමා ගේ පණිවුඩකරු ලෙසද ?

මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් අඟහරුවාදා (25) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

එක් දින නිල සංචාරයක් සඳහා ඇය දිවයිනට පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නව රජයට සුබ පැතුම් එක් කිරිම නිෂා බිස්වාල්ගේ සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇති බව සඳහන්ය.

සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජයේ ඉහලපෙලේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්විමට ද නිෂා බිස්වාල් සැලසුම් කර තිබේ.