සිම්බාබ්වේ හිටපු ක්‍රිකට් නායක ටටෙන්ඩා ටයිබු නැවතත් වෘත්තීමය ක්‍රිකට් පිටියට පිවිසෙමීන්, ශ්‍රී ලංකාවේ බඳුරලිය ක්‍රීඩා සමාජය හා එළැඹෙන පළමු පෙළ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.
හෙතෙම වසය අවුරුදු 21 දී සිම්බාබ්වේ කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය ලබා ගැනිමට සමත් වු අතර එ අනුව ඔහු ලොව ලාබාලතම ටෙස්ට් නායකයා ලෙසත් වාර්තා අතරට එක්විය.
කෙසේ වෙතත් 2012 වසරේදී ටයිබු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නිවේදනය කළේ පල්ලියේ වැඩ සඳහා මූලිකත්වය දීමේ අපේක්ෂාවෙනි.
ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 150 ක් හා විස්සයි20 තරග 17ක් ක්‍රීඩා කර තිබේ.
නැවත වරක් ඔහු ක්‍රීඩා පිටියට පැමිණීමට තීරණය කර ඇත්තේ ඔහුගේ පුතා කිසිම අවස්ථා ටයිබු ක්‍රීඩා කරන අයුරු සජීවීව දැක නොමැති බව හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.









