FAST NEWS

24×7 Around the Globe

කටාර් රාජ්‍යය ‘ඔපෙක් සංවිධානයෙන්’ ඉවත් වෙයි…

 

ලබන වසරේ ජනවාරි 01 වනදා සිට තෙල් අපනයනය කරනු ලබන රටවල් ඇතිකරගෙන තිබෙන ‘ ඔපෙක් සංවිධානයෙන්’ ඉවත් වීමට තීරණය කළ බව කටාර් රාජ්‍යය අද (04) නිවේදනයක් නිකුත් කළ බව විදෙස් වාර්තා සදහන් කළේය.

එරට බලශක්ති අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ සිය වාර්ෂික ස්වභාවික වායු නිෂ්පාදනය ටොන් මිලියන 77 සිට 110 දක්වා ඉහළ නැංවීමට මෙම තීරණය ගත් බවයි.

කටාර් රාජ්‍යය සාමජික රටවල් 15 කින් යුත් ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන පළමු ගල්ෆ් කලාපීය රට බවට පත්වෙයි.