සිය කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ගොනුකළ නඩු විභාගයකින් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වෙත ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවිමට නියම කර ඇති බව විදෙස් වාර්තා කියයි.
015 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් (තෙරපිවරියකට තමන් (ගේල්) හැඳ සිටි තුවාය ගලවා පෙන්වා ඇති බව) එරට ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනය මඟින් පළ කරන ලද පුවතක් මඟින් සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් ක්‍රිස් ගේල් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගෙන තිබිණි.
එම චෝදනා විභාග කළ අධිකරණය ක්‍රිස් ගේල්ගේ කීර්තිනාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමට ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනයට නියෝග කර ඇත.
කෙසේ වෙතත් මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ‘ෆෙයාෆැක්ස් මීඩියා’ ආයතනය පවසා තිබේ.









