FAST NEWS

24×7 Around the Globe

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ට්‍රයල් වලින් කොටසක් ආයතනය දෙකකට..

 

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුකෙරෙන ප්‍රායෝගික රියැදුරු පරීක්ෂණ (ට්‍රයල්) වලින් කොටසක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් ලංකා ඔටෝමොබයිල් සංගමයටත් පැවරීමට තීන්දු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කියයි.

මෙම කාර්යයේදී සිදුවෙතැයි කියන යම් යම් අකටයුතුකම් තුරන් කිරීමටත් අධික තදබදය අඩුකිරීමටත් මෙම තීන්දුව ගත් බව හෙතෙම පවසයි.

දැනට තම දෙපාර්තමේන්තුව මසකට රියැදුරු බලපත්‍ර 25,000ක් පමණ නිකුත් කරන බවත් කී හෙතෙම පරීක්ෂකවරයකු දිනකට ට්‍රයල් 30ක් හෝ 40 ක් කරන බවත්
එම ප්‍රමාණය අධික බැවින් පරීක්ෂණවලදී අතපසුවීම් සිදුවිය හැකි නිසා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් එ මහතා පැවසීය.