ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා කියයි.
එහෙත් දිගටම වංචා හා දූෂණ හෙළිකරමින් හා රටේ පරිසරය රැක ගැනීමට දායකවී මහජන නියෝජිතයෙකුටත් වඩා රටට සේවය කිරිම සිය අපේක්ෂාව වන බවද හෙතෙම පවසයි.
මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැඩසටහන්, රැලි හා සම්මන්ත්රණ පවත්වන බවත් මෙහි පළමු රැලිය එළඹෙන 05 වැනිදා අම්පාර මහඔය නගරයේදී පැවැත්වීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.









