ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසන් එරට උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා රජයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්ධන බද්ද සහ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකව ඇති අතර මෙම විරෝධතාවලදී මේ වනවිටත් තුන්දෙනෙකු මියගොස් ඇති අතර 110 දෙනෙකු තුවාල ලබා ඇත.
විරෝධතාවලට සම්බන්ධ 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයා මෙම හදිසි හමුව කැඳවා ඇත්තේ එරට පවතින තත්ත්වය මත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









