FAST NEWS

24×7 Around the Globe

රතන හිමීගේ පන්සලට ගිය හේතුව වසන්ත කියයි..

 

රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ උත්සවය සඳහා අතුරලියේ රතනහිමියන්ගේ පන්සලට ගියේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ අවසර ගෙන බවත් එම උත්සවයට තමාට අරාධනාකර ඇතැයි කී විට රනිල් වික්‍රමසිංහ මහතා තමාට එහි යන ලෙස පැවසු බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා කියයි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍යනායක සජිත් ප්‍රේමදාස මහතාටද එම උත්සවයට ආරාධනාකර තිබූ බව කී සේනානායක මහතා හම්බන්තොට රැස්වීමක්හේතුවෙන් ඔහුට එහි පැමිණීමට නොහැකි බව දැනුම් දුන් බවද කීය.

කිසිවිටක නැවත යාමට බලාපොරොත්තුවක් නැති බවද හෙතෙම කියයි.

කෙසේවෙතත් යහපාලන ආණ්ඩුවේ අවසානය ගැන සතුටට පත්වන බවද ඒ ආණ්ඩුව නිසා පීඩාවට පත්ව සිටියේ එක්සත් ජාතික පාක්ෂිකයන් බවද පැවසූ සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ රජයක් බිහිවනවාට අසතුටු බව ඒ කතාවෙන් අදහස් නොකරන බවද කීය.

බහුතරයක් නැති නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ කුඩැල්ලෙකු සේ එල්ලී සිටීමට නොහැකි නිසා නැවත පැමිණි බවද තමාට ගෞරවයක් කළ මෛත්‍රී- මහින්ද නායකයන් දෙදෙනාට පයින් ගසනවා වැනි දෙයක් සිදුවී දැයි ශෝකයක් තමන් නැවත පැමිණිමේදී ඇතිවු බවද වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.