නවසීලන්ත සංචාරය වෙනුවෙන් නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17 දෙනා දක්වා දිගු කළේ සැලකිල්ලට ලක්වීමෙන් ඈත්ව සිටි සධීර සමරවික්‍රම සහ ළහිරු තිරිමාන්න දෙදෙනාට අවස්ථාවක් දීමට බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත පැවසීය.
“එයාට හොඳ දක්ෂතාවත් තිබුණා වුණත් පසුගිය කාලයේදී එයාව නොසලකා හැර තිබුණා. ඇත්ත, එයා පසුගිය කාලයේදී එක දිගටම දක්ෂතා පවත්වා ගත්තේ නෑ තමයි. ඒත් එයා වගේ කෙනෙකුට දිගින් දිගටම අවස්ථව දෙන්න ඕනා” යැයි ළහිරු තිරිමාන්න පිළිබඳව අදහස් දක්වමීන් අසන්ත ද මැල් මහතා පැවසීය.
ටෙස්ට් තරග 29 කට සහභාගි වී ඇති තිරිමාන්නගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 23.06 කි. ලබාගෙන ඇත එකම ශතකයද බංග්ලාදේශ පිලට එරෙහිවය. එසේ වුවත් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලදී ඔහුගෙන් වඩාත් හොඳ සේවයක් ලබාගත හැකිය යන්නද ඔහු කියයි.









