ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් අභාවප්‍රාප්ත විය.
ඒ මහතා මිය යන විට 94 වියේ පසුවිය.
තවත් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකු වූ ඔහුගේ පුත්‍රයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් සිය පියාගේ අවමංගල්‍ය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජෝර්ජ් බුෂ් දේශපාලනයට පිවිසියේ රිපබ්ලිකන් පක්ෂයෙන්ය.









