FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදි හා සල්මාන් කුමරු අතර හමුවක්…

 

ජී – 20 සමුළුව සඳහා සහභාගී වීමට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (29) සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මුණ ගැසී ඇත.

මෙම සමුළුව ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙයි.

ඉන්දියාව සහ සෞදි අරාබිය අතර, ආර්ථික, සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදි සල්මාන් කුමරු සමඟ මෙහිදී සාකච්ඡා සිදුකළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියට සම්බන්ධ බවට එල්ල වන චෝදනා හේතුවෙන් සල්මාන් කුමරු මෙම සමුළුවට සහභාගි වීම පිලිබඳව ද ඇතමුන් තම විරෝධය පළ කරයි.