FAST NEWS

24×7 Around the Globe

මගීන් 2500 කට යා හැකි අධි සුඛෝපභෝගී Mein Schiff 3 කොළඹට පැමිණෙයි….

 

Mein Schiff 3 අධි සුඛෝපභෝගී මගී නෞකාව මගීන් 2,430 ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 995 ක්ද සමඟින් පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකාවට සේන්දු විය.

මෙම සුපිරි නෞකාව TUI AG හා Royal Caribbean Cruises Ltd සමාගම් විසින් හිමිකාරීත්වය දරනු ලබන සහ TUI Cruises විසින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම් ලා තිබේ.

අවහන්හල්, සිනමා ශාලා, කැසිනෝ, සමාජ ශාලා, ස්පා ඇතුළු විනෝදාස්වාද අංග ගණනාවකින් Mein Schiff 3 නෞකාව තට්ටු 15 ක උසකින් යුතුවේ.

සිය සේවා කටයුතු සඳහා කොළඹ වරායේ රැඳී සිටි Mein Schiff 3 නෞකාව යළිත් වරක් තම චාරිකාව ආරම්භ කළ අතර එය අද තායිලන්තයේ ෆුකේට් වරායට සේන්දු වීමට නියමිතය.

මෙය පූර්ණ වශයෙන් ජර්මානු සංචාරකයින් ඉලක්ක කරගනු ලැබූ මගී සංචාරක නෞකාවක් වන අතර නැව තුළ සම්පූර්ණයෙන්ම පාහේ භාවිත වන්නේ ජර්මානු භාෂාවයි.