FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට තරග කිරිම සම්බන්ධයෙන් මහානාමගෙන් විශේෂ නිවේදනයක්..

තමා කිසිම දිනක දේශපාලනයට එක්නොවන බව, තමා එළැඹෙන මැතිවරණයට තරග කරන බවට සමාජ මාධ්‍ය ජාල වල පලවී ඇති වාර්තා වලට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව කිසිඳු මැතිවරණයකට තරග කිරීමේ අදහසක් තමා හට නැති බවත්, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිය උපරිමයෙන් රටට සේවය කළ තමා කිසිඳු දේශපාලන කටයුත්තකට හවුල් නොවන බවද එමගින් අවධාරණය කර තිබේ.

එබැවින් ව්‍යාජ පුවත් මගින් ජනතාව නොමග යවමින් තමා ගේ නාමයට කැළලක් ඇති නොකර සිටින මෙන් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන්නන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ඉංග්‍රීසි බසින් ඔහු පළ කළ නිවේදනය මෙසේය.

STATEMENT BY ROSHAN MAHANAMA

To my surprise, I have been informed that a false news item is circulating stating that I will be contesting in the upcoming elections. Please note that I have no intention of contesting any election and I am very disappointed that the social media is publishing incorrect information.

I have served my country to the best of my capacity as a cricketer and I want to be very clear that I will never get myself involved in any kind of political activity. I will always support valid charities as a responsible citizen, as I feel that one should not try to make a difference in someone’s life by using political means. I also wish to emphasize that my reputation matters and I have certain principles and values in life that I treasure.

Therefore, I am making a polite request to all social media users not to mislead the public and harm my reputation.