FAST NEWS

24×7 Around the Globe

කෙහෙළියට සම කැබිනට් ප්‍රකාශය ධූරය අහිමී වෙයි..

සම කැබිනට් ප්‍රකාශකවරයෙක් ලෙස පත්කර සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැන් සම කැබිනට් ප්‍රකාශකයෙක් නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්විමේදි සඳහන් කළේය.
භාරකාර ආණ්ඩුවක් පවතින අවස්ථාවක රාජ්‍ය හා නියෝජ්‍ය ආමත්‍ය ධූර අහෝසි විම මීට හේතුව බව හෙතෙම පැවසීය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.