දකුණු අප්රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසන් වන විට වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්රී ලංකා පා දඟ පන්දු යවන ක්රීඩක ජීවන් මෙන්ඩිස් සමත්ව සිටියි.
ඒ.බී. ඩිවිලියස් නායකත්වය දරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමට ක්රීඩා කරන මෙන්ඩිස් තරග 5 කට සහභාගි වී කඩුළු 11 ක් දවා ගෙන සිටියි.
නෙල්සන් මැන්ඩෙලා ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ට කඩුලු 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.
කේප් ටවුන් කෝබ්රා කණ්ඩායමේ ඇන්රිච් නොට්ජේ සහ ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමේ ලූතෝ සිපම්ලා කඩුලු 8 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.









