FAST NEWS

24×7 Around the Globe

සිදුවු දෙය හා ඉදිරිය ගැන හතුරුගෙන් ප්‍රකාශයක්..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේ පැවති තෙවන ටෙස්ට් තරගයේදි ඊයේ (26) ලද පරාජය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසීය.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙ බව සඳහන් කළේය.
“පළවෙනි තරගය ඇරුනාම අනෙක් තරග දෙක අපි ගොඩක් තරගකාරීව සෙල්ලම් කළා. පිතිකරුවන් ගැන මම ඉදිරියටත් විශ්වාසය තබනවා. මේ තමයි අපිට ඉන්න හොඳම පිතිකරුවෝ. තිබෙන කාලයෙන් උපරීම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා.”