FAST NEWS

24×7 Around the Globe

නව ක්‍රිකට් තේරිම් කමීටුවක් පත් කෙරේ..

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, සහ චමින්ද මෙන්ඩිස් යන අය පත් කර තිබේ.
එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීම , නව තේරීම් කමිටුවට පැවරෙන පළමු කාර්ය වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.