FAST NEWS

24×7 Around the Globe

බැසිල් සදහටම දේශපාලනයෙන් සමු ගනී.

ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාකාරි දේශපාලනයෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් වී නොමැති බව පවසා ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාස කිහිපය පුරාවට දේශපාලනයෙන් ඈත් වී සිටියද සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පසුගිය මහ මැතිවරණය අවස්ථාවේ ඡන්ද කටයුතු සඳහා සහය දැක්වීමට උත්සහ කලද , ඔහුට ඊට නිසි අවස්ථාවක් නොලැබුන බවත්, ඔහුව නොසැලකිල්ලට ලක් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

මහ මැතිවරණයෙන් පසුව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, උප කුලපතිවරුන්, විද්වතුන්, නීතීඥවරුන්, හිටපු අමාත්‍ය ලේකම්වරුන්, වෘත්තිකයින් සහ වෘත්තීය සමිති නියෝතයින් ඇතුළු විශාල පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී පවා, තමන් දේශපාලනයෙන් ඉවත් වීමට ගත් තීරණය වෙනස් නොකරන බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටි බව හෙතෙම තව දුරටත් කියා සිටියේය.

දේශපාලන ක්‍රියාකාරකම් හෝ මතවාදයන් පිළිබඳව උපදෙස් හෝ අදහස් සැපයීමෙන් ඉවත් වී සිටියද ඔවුන් සමඟ තමන් තුළ පවතින හිතවත්කම නොනැසී පවත්වා ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේදී සඳහන් කර ඇත.