FAST NEWS

24×7 Around the Globe

පස් කන්දක් හා ගල් පෙරළීමෙන් තලවාකැළේ – පූඩළුඔය ගමනාගමනයට බාධා…

ඊයේ (23) රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති අධික වර්ෂාව හේතුවෙන් තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇත.

මේ හේතුවෙන් තලවකැළේ සිට පූඩළුඔය දක්වා ධාවනය කරන රථ වාහනවලට මැදකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.

මාර්ගයට කඩා වැටී තිබූ පස් කඳු හා ගල් කොටසක් මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය හා පූණ්ඩළුඔය පොලීසිය එක්ව ඉවත් කර ඇති අතර තව දුරටත් එම මාර්ගයේ විශාල ගල් හා පස් කඳු කඩා වැටීමේ අවධානමක් පවතින හෙයින් ප්‍රවේශමෙන් රථ වාහන ධාවනයේ යෙදෙන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.