ඊයේ (23) රාත්‍රියේ මධ්‍යම කඳුකරයට පැවති අධික වර්ෂාව හේතුවෙන් තලවාකැළේ – පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ මැදකුඹුර ප්‍රදේශයේදී විශාල පස් කන්දක් හා ගල් පෙරළීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා පැමිණ ඇත.
මේ හේතුවෙන් තලවකැළේ සිට පූඩළුඔය දක්වා ධාවනය කරන රථ වාහනවලට මැදකුඹුර මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කරයි.








