FAST NEWS

24×7 Around the Globe

ලංකා බැංකුවේ නව සභාපතිත්වයට නීල් ඒ.උමගිලිය පත්කරයි…

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස නීල් ඒ.උමගිලිය මහතා ලංකා බැංකුවේ සභාපති ලෙස පත්කර ඇත.
ඒ මහතා මේ වන විට ඩයල් ටෙක්ස්ටයිල්ස් ප‍්‍රයිවෙට් ලිමිටඩ්හි සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහලෙහි අධ්‍යක්‍ෂවරයකු වන අතර ශ‍්‍රී ලංකාවේ ජර්මන් ව්‍යාපාර මණ්ඩලයෙහි සාමාජිකයකුද වේ.
උමගිලිය මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සම්මාන සාමාජිකත්වය දරන අතර බ්‍රිතාන්‍ය කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු ද වේ.
නීල් ඒ.උමගිලිය මහතා ලංකා බැංකුවේ 25 වැනි සභාපතිවරයා වෙයි.