FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය දඩුවම් ලැබිය හැකි වරදක්……(TISL)

පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දැඩි කනගාටුවට හා කනස්සල්ලට කාරණාවක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සදහන් කරයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුලින් සාපරාධි ක්‍රියාවන් වල නියැලෙන මන්ත්‍රීවරුන් නීතියෙන් ආරක්ෂා නොවන මන්ත්‍රීවරුන්ගේ මෙම හැසිරීම දැඩි කනගාටුවට හා කනස්සල්ලට කාරණාවක් බවත්ය.
එමෙන්ම මන්ත්‍රීවරුන් පොලිසියේ නිලධාරීන්ට පහරදීම තුලින් හා ඔවුන් කෙරෙහි තර්ජනාත්මකව හැසිරීම වැනි සාපරාධි ක්‍රියාවන් සඳහා දුර්විපාක නොලැබීමේ සංස්කෘතියක් පවතින බවත් නීතියේ ආධිපත්‍යයට කිසිදු ගරුත්වයක් නොමැති බව පිළිඹිඹු වන බවත් එම ආයතනය සදහන් කරයි.
පසුගිය දිනවල ඇතැම් මන්ත්‍රීවරුන් ක්‍රියා කළ ආකාරය මෙම වසරේ අප්‍රේල් මාසයේදී සම්මත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම සංග්‍රහයට පටහැනි වන අතර, පාර්ලිමේන්තු සැසිවාරය බලහත්කාරයෙන් කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයන් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බවද TISL ආයතනය පෙන්වා දෙයි.