FAST NEWS

24×7 Around the Globe

ජමාල් කෂෝගිගේ ඝාතන හඩපට සවන්දීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි….

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතන සිද්ධිය පටිගත වී ඇති හඩ පටයට සවන්දීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ කෂෝගි ඝාතනයට ලක්වන අවස්ථාවේ පටිගත වී ඇති මෙම හඩ පටයට සවන්දීම ඉතා අපහසු කාර්යයක් බවයි.
ජමාල් කශෝගි ඝාතනයට සෞදි අරාබියේ මොහොමඩ් බින් සල්මාන් කුමරු ඍජුවම සම්බන්ධ බවට ඇමරිකානු සී.අයි.ඒ.ඔත්තු සේවාව හෙළිදරව්වක් සිදු කළේය.
ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ සොහොයුරු කාලිඩ් බින් සල්මාන්, ජමාල් කශෝගිට ලබාදුන් දුරකථන ඇමතුමක් ද පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් සෞදි රජය අදාළ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.