FAST NEWS

24×7 Around the Globe

මම ඇවිත් මාස 10 යි – හතුරු පරාජයට හේතුව කියයි..

තමන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගෙන තවමත් මාස 10ක් පමණක් බවත්, ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී පැහැදිලි යමක් කිරීමට සූදානම්ව ඇති බව එංගලන්ත කණ්ඩායම සමඟින් ඊයේ (18) මහනුවර පල්ලෙකැලේදී නිමාව දුටු දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයෙන් පැවසීය.
“එංගලන්තය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී තරග දෙකම අපිට ජයගැනීමට අවස්ථාව තිබුණා. ඒ දෙකේදීම කාසියේ වාසිය පරාජය වීමත් අපට අවාසියක් වුණා. ඉදිරියේදී අපට නවසීලන්ත, ඕස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකානු තරගාවලි තුනක් තියෙන නිසා ක්‍රීඩකයන් තේරීමේදී යම් වෙනසක් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපේ පන්දු රැකීම එතරම් හොඳ මට්ටමක තිබුණේ නැහැ. අපි හැම විටම උත්සාහ ගන්නේ පන්දු රැකීම ඉහළම මට්ටමේ තබාගැනීමටයි”
#චන්දිමාල් / අකිල
“අයි.සී.සී. පරීක්‍ෂණයක් සඳහා අකිල ධනංජය 23 වැනිදා බ්‍රිස්බේන් යන නිසා ඔහු තෙවැනි තරගයට නැහැ. චන්දිමාල් හෙට (අද) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දෙනවා. ඒකෙන් ඔහු සමත් වුණොත් 23 වැනිදා ආරම්භ වන තෙවැනි තරගයට සෙල්ලම් කරාවි”
# දික්වැල්ල
“ඕනෑම ක්‍රීඩකයකුට මේ වගේ තණතීරුවල සෙල්ලම් කරන එක ලෙහෙසි නැහැ. මේ වසරේ ලකුණු 600කට ආසන්නව රැස්කරපු ක්‍රීඩකයන් තිදෙනා අතර කුසල් ඉන්නවා. ඒ වගේම එයා පසුගිය ගාල්ලේ තරගයේදීත් ලකුණු 45ක් ගැහුවා.නිරෝෂන් දික්වැල්ල කියන්නේ අපිට ඉන්න හොඳම කඩුලු රකින්නෙක්. එයා පිතිකරණය පැත්තෙන් තව ඉස්සරහට ඒවි. කොහොම වුණත් අපිට හැකියාව තියෙනවා. ඒවා එළියට ඒම ප්‍රමාද වීමයි මෙතන වෙලා තියෙන්නේ”