FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 75 යි..

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (17) සිව්වැනි දිනටත් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වු අතර ,වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ක් දැවි ලකුණු 226 ක් රැස් කරගෙන සිටියේය.
එ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 03 ක් අතැතිව පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 75 කි.
සිව් වැනි දිනයට තරගය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 324 කි.
එංගලන්ත ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 346 ක් රැස් කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 301 කි.
අද (18) තරගයේ පස්වැනි හා අවසන් දිනයයි.