FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය දයාන් ජයතිලක මහතා රුසියානු පාර්ලිමේන්තුවේ සංචාරයක…

රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති වන ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙරට නිල රාජ්‍ය තාන්ත‍්‍රිකයා ලෙස රුසියානු පාර්ලිමේන්තුවේ සිය ප‍්‍රථම සංචාරයේ නිරත වී ඇත.
රුසියාවේ ෆෙඩරල් කවුන්සිලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උත්තර මණ්ඩල කමිටු සභාපති කස්න්ටන්චිව් අයි. කසාචිව් සහ එම කමිටුව සමඟ ද දයාන් ජයතිලක මහතා සාකච්ඡා සිදුකර ඇත.
ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව ද එහිදී දයාන් ජයතිලක මහතා අදහස් දක්වා තිබේ.