FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ දේශපාලන අර්බුදය පිළිබදව චීනය හා ජර්මනිය අදහස් දක්වයි….

ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යන අතරම වත්මන් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ක්‍රමවේදයක් සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන චීනය සඳහන් කර ඇත.
චීන විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශික හා චුනින්ග් ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූ අදහස්,
“සාම්ප්‍රදායික මිත්‍රයෙක් වන ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව චීනය සමීපව බලා සිටිනවා. ශ්‍රී ලංකාව ස්ථාවරත්වය පවත්වාගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ අදාළ සියලු වත්මන් තත්ත්වය විසඳා ගැනීමට අවශ්‍ය පියවර සහ ක්‍රමවේද සොයාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපි ඒ පිළිබඳව විශ්වාසය තබමු”.
ඒ වගේම මෙරට ජර්මානු තානාපති යර්න් රොඩ් ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රාදයක් ඇති බවත් එහෙත් ඊයේ (15) ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතා නරක දවසක් බවත් ඔහු පවසයි.
අදාළ ට්විටර් පණිවුඩය,
“අද දිනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක දවසක්. ශ්‍රී ලංකාවට දීර්ඝ සහ ආඩම්බරකාරී ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. කතානායකවරයා දෙසට විවිධ දේ එල්ල කිරීම සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ”.