FAST NEWS

24×7 Around the Globe

තේ පානයට/ එංගලන්තය ලකුණූ 212 යි..(update)

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි අද (14) ආරම්භ වු දෙවැනි ටෙස්ට් තරගය පළමු දිනයේ තේ පානය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටින සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 07 ක් දැවි ලකුණු 212 ක් ලබා සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ආදිල් රෂිඩ් ලකුණු 29 ක් සහ සැම් කරන් ලකුණු 12 ක් රැස් කරගෙන සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 85 කට කඩුළු දවා ගැනිමට සමත්ව  සිටියේය.
+++++++++++++(upfate)

දිවා ආහාරයට – ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හමුවේ එංගලන්තය පසු බසියි..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (14) ආරම්භ වු දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුළු 04 ක් දැවි ලකුණු 120 ක් රැස් කරගෙන සිටියේය.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ජොස් බට්ලර් ලකුණූ 38 ක් හා මොයින් අලි ලකුණූ 04 ක් රැස් කරගෙන සිටියහ.
පන්දු යැවිමේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංගල ලක්මාල්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්ප කුමාර, අකිල ධනංජය එක් කඩුල්ල බැගින් දවා ගැනිමට සමත් වුහ.