FAST NEWS

24×7 Around the Globe

දිල්හාර ලොකුහෙට්ටිගේට අයි.සී.සී යෙන් චෝදනා..

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන දුෂණ විරෝධි සංග්‍රහයේ වගන්ති උල්ලංඝණය කර ඇති බව, එම ආයතනය වෙනුවෙන් පෙනි සිටිමීන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය වසරේ පැවති T-10 තරගාවලියේදි දිල්හාර විසින් එම සංග්‍රහයේ වගන්ති කඩ කිරිම් සිදුව ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.
තරගයක ප්‍රතිඵලය වෙනස්විමට බලපාන අකාරයේ ක්‍රියාකාරකම්,එසේම එම ක්‍රියාකාරකම් කිරිමට ක්‍රීඩකයෙක් පෙළඹවිම හා දුෂණ විරෝධි පරික්ෂණ කරනු ලබන නිළධාරීට සහාය ලබා නොදිම යන කරුණු තුන අඩංගු වගන්ති ත්‍රිත්වය දිල්හාර විසින් උල්ලංඝණය කර ඇති බව එම නිවේදනය මගින් පෙන්වා දි තිබේ.
ඒ අනුව අද (13) දින සිට දින 14 ක් ඇතුළත මේ සම්බන්ධයෙන් නිදහසට කරුණූ දක්වන ලෙස ආදළ නිවේදනය මගින් දිල්හාර ලොකුහෙට්ටිගේ වෙත අවධාරණය කර තිබේ.