FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල තවත් අඩු කිරීමට පුළුවන්කම තිබුණා……මංගල

මහින්ද රාජපක්ෂ මහතා තෙල් මිල අඩු කළේ 6% කින් නමුත් ලෝක තෙල් මිල මිල 20% කින් අඩුව ඇති බවත් ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ යෑමට ඉඩ තිබුණ බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල පහළ ගොස් ඇති හෙයින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල හා ලංකා ඔටෝ ඩීසල් මිල මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අඩුකළ ප්‍රමාණයට වඩා අඩු විය යුතු බවත් ඔහු නිකුත් කළ පණිවිඩයේ සදහන්ව ඇත.