FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ නව සන්ධානයකින් තරග බිමට…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයකින් තරග කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමත්‍ය මහින්ද රාපජක්ෂ මහතා ප්‍රමුඛ නායකයන් පිරිසක් විසින් ඊයේ (12) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව තීරණයකට එළැඹ ඇත.
ඒ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරීමට හා සන්ධානයේ නම, ලාංඡනය තීරණය කිරීම සඳහා කමිටු 02 ක්ද පත්කර ඇති අතර ඔවුන් විසින් මේ මස 19 වැනිදාට පෙර ලාංඡනය, ව්‍යවස්ථාව, සන්ධානයේ නම තීරණය කිරීමට නියමිත බවද වාර්තා වේ.
එම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිතුමා සහ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් සහභාගිවී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වය වෙනුවෙන් අග්‍රාමත්‍යවරයා , දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල , බැසිල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර යන මහත්වරුන් සහභාගිවී ඇත.