FAST NEWS

24×7 Around the Globe

අගමැතිගේ ආශිර්වාදයත් සමග නාමල් කුමාර මැතිවරණයට…..

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අම්පාර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තමන් තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා තමාට ආශිර්වාද කළ බවත් ඔහු සදහන් කර සිටී.
මැතිවරණයට ඉදිරිපත් වීමට තමා තීරණය කරනු ලැබුවේ පරිසරය රැක ගැනීමට හා වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ගැනීමට බවද නාමල් කුමාර වැඩිදුරටත් පැවසීය.