FAST NEWS

24×7 Around the Globe

කැලිෆෝනියාවේ ලැව් ගින්නෙන් 29 ක් මරුට….

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දැනට පැතිරෙන මහා ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 29 දක්වා ඉහල ගොස් තිබේ.
තවදුරටත් උතුරුදිග පිහිටි පැරඩයිස් නගරයේ සහ මලිබු ප්‍රදේශයේ සීග්‍ර ලෙස ලැව් ගිනි පැතිර යන බව වාර්තාවේ.
තවත් 29 දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට  පැයට කිලෝමීටර 110 ක වේගයෙන් එම ප්‍රදේශය හරහා හමන සුළඟ නිසා ගින්න මැඩපැවැත්වීම ඉතා දුෂ්කර වී ඇත.
මේ වන විට ලැව් ගින්නෙන් විනාශ වූ වන ප්‍රදේශය අක්කර එක්ලක්ෂ 70,000  කට අධිකය.එසේම නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ ගොඩනැගිලි 7000කට ආසන්න ප්‍රමාණයක්ද ගින්නෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.
පසුගිය සිකුරාදා සිට හටගත් මෙම ගින්න කැලිෆෝනියා ඉතිහාසයේ සිදුවු විශාලතම ලැව්ගින්න වන බව සඳහන්ය.