එංගලන්ත කණ්ඩායම ශ‍්‍රී ලංකාවට ලබාදුන් ලකුණු 462 ක අභියෝගය මෙම තණතීරුවේ හැටියට හඹා යෑ හැකි ඉලක්කයක් බව ශ‍්‍රී ලංකා දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ඊයේ (08) තරගය අවසානයේදී පැවසීය.
“වෙනදාට දකින ගාල්ල තණතීරුවට වැඩිය වෙනස් තණතීරුවක් තමයි මේ තණතීරුව. එංගලන්තය ලබාදුන් ඉලක්කය අභියෝගයක් තමයි. නමුත් මේ තණතීරුවේ හැටියට පිතිකරුවන් වගකීම ඉටු කළොත් 440 කට වඩා ගන්න පුළුවන්.’’
‘‘අපි ලංකාවේදී ගහන කොට නිතරම කඩුලූ ලබා ගන්න තමයි පන්දු යවන්නෙ. මොකද අපිට අපේ තත්ත්වයට හරි යන වාසිය තියෙන නිසා. නමුත් එංගලන්ත දඟ පන්දු යවන්නන් අපේ පිතිකරුවන්ට වැරදි කරන්න ඉඩ හරිමින් එකම ආකාරයට පන්දු යවනවා. ඒක තමයි අපේ පන්දු යවන්නන්ගේ සහ එංගලන්ත පන්දු යවන්නන්ගේ තියෙන වෙනස.’’
‘‘දිනේෂ් චන්දිමාල්ව එම්.ආර්.අයි. ස්කෑන් එකක් කළා. ඒ වාර්තා වැඩිදුර පරීක්ෂණයකට යොමු කරලා තියෙන්නෙ. මට පේන හැටියට චන්දිමාල්ගේ ආබාධය එතරම් දරුණු නැති බවයි පේන්නෙ. කොහොම වුණත් හරියටම ඒක විශේෂ වෛද්‍යවරයා බලලා කියයි. ධනංජය ද සිල්වා පන්දු යවමින් සිටියදී පන්දුව වැදිලා ආබාධයකට ලක් වුණා. ඒක ආබාධයක් කියලම කියන්න බැහැ. පොඩි ඉදිමීමක් තියෙනවා. ඔහුට පන්දුවට පහර දෙන්න ඒක බාධාවක් වෙන එකක් නැහැ.’
ශ‍්‍රී ලංකා දඟ පන්දු යැවීමේ ප‍්‍රධාන තුරුම්පුව වූ රංගන හේරත් සිය ක‍්‍රිකට් දිවිය නිමා කර තිබේ. වමත් දඟ පන්දු යවන්නන් අතරින් මලින්ද පුෂ්පකුමාර සහ ලක්ෂාන් සඳකැන් එම අඩුව පුරවනු ඇති බවත් තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිටින බවත් පියල් විජේතුංග මෙහිදි වැඩිදුරටත් පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.