FAST NEWS

24×7 Around the Globe

දිවා ආහාරයට – එංගලන්තය ලකුණූ 250 ක් ඉදිරියෙන්..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තෙවන දිනයේ දිවා අහාරය සඳහා අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණූ 111 ක් රැස් කර ගෙන සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කඩුලු 07 ක් අතැතිව ලකුණූ 250 ක් ඉදිරියෙන් සිටිමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියි.
එංගලන්තය සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණු 342 ක් රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට රැස් කරගත හැකි වුයේ ලකුණූ 203 ක් පමණි.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි කෙන්ටන් ජෙනින්ග්ස් ලකුණූ 60 ක් සහ බෙන් ස්ටොක් ලකුණූ 14 ක් ලබා සිටියහ.