FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැදවන්නයි ඇමරිකාවෙන් නැවතත් ඉල්ලීමක්…

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හේදර් නයර් සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ පවතින තත්ත්වය විසදීම සඳහා වහාම පාර්ලිමේන්තුව නැවත කැඳවීමට පියවර ගන්නා ලෙසයි.
පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාදවීම තුළින් ශ්‍රී ලංකාවේ කීර්තියට හානි සිදුවන බවත් රට තුළ යහපාලනය හා ස්ථාවරත්වය ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය පවසයි.
මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කණස්සල්ලට පත්ව සිටින බව බ්‍රිතාන්‍යය පවසයි.