FAST NEWS

24×7 Around the Globe

ජමාල් කෂෝගිගේ සිරුර ඇසිඩ්වල දමා විනාශ කරලා….තුර්කි විමර්ශකයෝ හෙළි කරයි

තුර්කියේ සවුදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ සිරුරට සිදුවූයේ කුමක්ද යන්න හෙළි කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබිය වගකීමට බැඳී සිටින බව තුර්කිය පවසයි.
කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු තමන් සතුව ඇති බවත් පරීක්ෂණ අවසන්වූ පසු එය හුවමාරු කරගැනීමට සූදානම් බවත් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කශෝගි ඝාතනය වසං කිරීම සඳහා සවුදි රජය විශේෂඥයන් දෙදෙනකු එවා තිබූ බවත් ඔහුගේ සිරුර ඇසිඩ්වල දමා විනාශ කර ඇති බවත් තුර්කි විමර්ශකයෝ හෙළි කර තිබේ.
මෙලෙස කශහෝගි ඝාතනය වසං කිරීමට ඒවා ඇති විශේෂඥයන් දෙදෙනා රසායන විශේෂඥයක්‌ වූ අන්වර් අබ්දුල් අයිස්‌ සහ කාලම් සහරානි බව තුර්කි පොලිසිය හඳුනාගෙන ඇත.
සවුදි කොන්සල් කාර්යාලය පරීක්‍ෂාවට ලක්‌ කළත් කශෝගිගේ සිරුරේ කොටස්‌ සොයා ගැනීමට නොහැකි වූ බව තුර්කි පොලිසිය සදහන් කරයි.