FAST NEWS

24×7 Around the Globe

තණතීරුවේ වෙනස් විමක් හා ලැබෙන වාසිය ගැන දිල්රුවන් කියයි..

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී වෙනදාට දකින්න ලැබෙන තණතීරුවට වඩා බෙහෙවින් වෙනස් වූ තණතීරුවක් බවත් එය මන්දගාමී බවද සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවසානයේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවේදි දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා සඳහන් කළේය.
ඔහු ඊයේ (06) දිනයේදි එංගලන්ත කණ්ඩායමේ කඩුලූ හතරක් දවා ගැනීමට සමත් විය.
  ‘‘අපි වෙනදා දකින තණතීරුව වගේ නෙමෙයි මේ තණතීරුව. මොකද අපි බලාපොරොත්තු වුණාට වැඩිය වෙනස් තණතීරුවක් තමයි ලැබිලා තියෙන්නෙ. මම හිතන්නෙ දවස් දෙකක් වැස්ස නිසා තණතීරුව වහලා තිබිච්ච නිසා එහෙම වෙන්න ඇති. පළමු ඕවර 35 න් පස්සෙ තණතීරුව ගොඩක් මන්දගාමී වුණා. අලූත් පන්දුවෙන් දඟ කැවුනට පස්සෙ දඟ කැවීමත් අඩුවුණා.’
එංගලන්ත පිල ලකුණු තුන්සියයේ සීමාව පන්නා ගියද තම කණ්ඩායමටත් හොඳ අවස්ථාවක් මේ තණතීරුවේ තත්ත්වය අනුව නිර්මාණය වී ඇති බව ඩිල්රුවන්ගේ විශ්වාසය වී තිබේ.
 ‘‘මම හිතන්නෙ නැහැ ඉදිරි දවස් දෙක තුනෙත් තණතීරුව ලොකු වෙනසක් වෙයි කියලා. ඒ නිසා කොහොමත් අපිටත් මේ තණතීරුව හොඳ වේවි පිතිකරණයේ යෙදෙන්න. එංගලන්ත පිතිකරුවන් මුල ඉදලම වේගයෙන් ලකුණු ගන්න බව අපි දැනගෙන තමයි හිටියෙ. කාසියේ වාසිය දිනලා අපි ගැහුව්වත් ඔය දේම තමයි කරන්නෙ.’’ යනුවෙන් ඩිල්රුවන් වැඩිදුරටත් පැවසීය.