FAST NEWS

24×7 Around the Globe

චන්දිමාල්ගේ ක්‍රීඩා කිරිම අවිනිශ්චිතයි..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ඊයේ (06) ආරම්භ වු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි භාගයේදි අබාධයකට ලක්වු නායක දිනේෂ් චන්දිමාල් අද (07) දිනයේ ක්‍රීඩා කිරිම අවිනිශ්චිත තත්වයක පවතින බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
රංගන හේරත් යැවු පන්දුවකට පන්දු රැකිමේදි යටි බඩත් පාදය ඉහළ කොටසේ සිදුවු අබාධ තත්වයක් හේතුවෙන් හෙතෙම ඊයේ (06) දිනයේ තාවකාලිකව පිටියෙන් ඉවත්ව සිටියේය.
කෙසේ වෙතත් අබාධ තත්වය පිළිබඳව ඔහු පරික්ෂණයකට භාජනය විමට නියමීත බවත් එහි වාර්තා අනුව ක්‍රීඩා කිරිම සම්බන්ධයෙක් තීරණය වනු ඇති බවද කියැවේ.