FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසානයේ එංගලන්තය 321 යි..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඊයේ (06) සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුළු 08 කට ලකුණු 321 රැස් කිරිමට සමත් විය.
කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆෝක්ස් ලකුණු 87ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.
ඩිල්රුවන් පෙරේරා ලකුණු 70 ට කඩුලු 04 ක් දවා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද (07) තරගයේ දෙවැනි දිනයයි.