FAST NEWS

24×7 Around the Globe

අශෝක් පතිරගේ හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කරගනී…

ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කරගත් බව නිල වශයෙන් තහවුරු කරමින් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් හා හෝමාස් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් ඇත.
මෙම ගනුදෙනුව මගින් දකුණු පළාත තුළ ආසිරි රෝහල් සමූහයේ ආරෝග්‍යශාලා හා රසායනාගාර සේවාවන් ව්‍යාප්ති කිරීමට බෙහෙවින් ඉවහල් වන බව ආසිරි රෝහල් ජාලය සදහන් කරයි.
මෙම ගනුදෙනුවෙන් පසුව හේමාස් සදර්න් රෝහල යටතේ සිටි සියලු කාර්ය මණ්ඩලය නව හිමිකාරීත්වය යටතට පත්වනු ඇත.
කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී, ආසිරි රෝහල් සමූහයේ ප්‍රධානතම කොටස්කරුවා වේ.