FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශය දණ ගසයි – සිම්බාබ්වේට ඓතිහාසික ටෙස්ට් ජයක්..

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වුණූ පළමු එක්දින තරගයෙන් ලකුණූ 151 ක ජයක් වාර්තා කිරිමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
එ අනුව සිම්බාබ්වේ කණ්ඩායම වසර 2001 ට පසුව බංග්ලාදේශය තුළදි බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණයක් ලැබිය.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණූ 282 ක් රැස් කළේය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියළු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණූ 143 ක් පමණි.
ඒ අනුව ලකුණූ 139 ක් ඉදිරියෙන් සිටිමීන් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 181 ක් ලබා ගත්තේය.
එ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණූ 320 ක ජයග්‍රාහි ඉලක්කයක් හිමී විය.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමට සිය දෙවැනි ඉනිමට සියළු දෙනා දැවි රැස් කර ගැනිමට හැකි වුයේ ලකුණූ 169 ක් පමණි.
මෙ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටියි.