FAST NEWS

24×7 Around the Globe

රංගනගේ සමු ගැනිම හා පළමු තරගය ගැන දිමුත්ගෙන් ප්‍රකාශයක්..

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට හොද සමුගැනිමක් ලබා දීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න පැවසීය.
හෙට (06) ආරම්භ වීමට නියමීත සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ පළමු ටෙස්ට් තරය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පුහුණූ විම් වල යෙදි සිටි අතර වාරයේ හෙතෙම මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.
“ඔව් ඇත්තටම රංග අයියා ගැන ,අපි අන්තිම අවුරුදු කීපයේදි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න ගොඩක් ලොකු කාර්යයක් දරපු පුද්ගලයෙක්, ඉතින් මම හිතන්නේ ඔහුගේ නික්ම යාම කණ්ඩායමට ලොකු පාඩුවක්,නමුත් ඔහු ක්‍රීඩා කරන අන්තිම තරගයේ අපි පුලුවන් තරම් ට්‍රයි කරන්නේ ඔහුට හොද සමුගැන්මක් දෙන්න ,කණ්ඩායමේ හැමොම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔහුටත්,ඔහුගේ අන්තිම තරගය ගොඩක් ලෙසි කරන්න,ඔහුටත් හොද නික්ම යෑමක් ලබා දෙන්න,තමයි කණ්ඩායම ජයග්‍රහණයක් එක්ක බලාපොරෝත්තු වෙන්නේ,ඉතින් සියළු දෙනාම හොඳ මානසිකත්වයක ඉන්නවා පසුගිය තරගාවලියත් හොඳින් ක්‍රීඩා කරලා,ඉන්නේ මෙ තරගයත් හොඳින් ක්‍රීඩා කරලා රංගන අයියට හොඳ සමුගැනිමක් දෙන්න”