FAST NEWS

24×7 Around the Globe

තව දින දෙකකින් ටී.එන්.ඒ 04 ක් අගමැතිට සහය දෙනවා…

ඉදිරි දින දෙක ඇතුළතදී නව අගමැතිවරයාට සහයෝගය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 04 දෙනකු එක්වනු ඇති බව ශිවශක්ති ආනන්දන් මහතා පැවසීය.
තමන් මුලින්ම කවරකුටවත් සහාය නොදක්‌වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමටත් අවස්‌ථාවක්‌ ලැබීම නිසා ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීමට එක්‌වන බවත් ඔහු සදහන් කර ඇත.
ශිවශක්ති ආනන්දන් මහතා ප්‍රකාශ කරන්නේ මේ එක්‌වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක්‌ ලැබීමට ඉඩ ඇති බවත් , තමන්ගේ මන්ත්‍රී පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවාවක්‌ එවිට කළ හැකි නිසා තමන් මෙම තීරණය ගත් බවත් වැඩිදුරටත් කියා සිටියේය.
ඔහු දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්‌වාධීන වී සිටින මන්ත්‍රීවරයකු නිසා ඔහු පිළිබඳව යමක්‌ ස්‌ථිරව ප්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.